FAST NEWS

24×7 Around the Globe

නොවැම්බර් 05 වනදා සිට ඇමරිකාවෙන් ඉරානයට යළිත් සම්බාධක…

ඉරානයට එරෙහිව නොවැම්බර් මස 05 වෙනිදා සිට යළිත් සම්බාධක පැනවීමට අමෙරිකා එක්සත් ජනපදය සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි.
2015 වසරේදී බරක් ඔබාමාගේ පාළන සමයේදී ඉරානය සමග ඇති කරගනු ලැබූ න්‍යෂ්ටික ගිවිසුම යටතේ ඉවත් කරනු ලැබූ සම්බාධක යළි පැනවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.
ඉරානයේ බලශක්ති, නාවික සහ බැංකු අංශ ඉලක්ක කර ගනිමින් මෙම සම්බාධක පැනවීමට නියමිතව ඇත.
ඉරානයෙන් තෙල් ආනයනය කරනු ලබන රටවල් 08 ක් සදහා සම්බාධක නොපැමිණවීමට ඇමෙරිකාව තීරණය කර ඇති බවත් වාර්තා වෙයි.