FAST NEWS

24×7 Around the Globe

සෞදියට එරෙහි සම්බාධක පැනවීමට කල් අවශ්‍ය බව ඇමරිකාව පවසයි..

සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගි ඝාතනය මුල් කරගෙන සෞදි අරාබියට එරෙහිව සම්බාධක පැනවීම සඳහා තවත් කල් ගත වන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ සදහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තුර්කියේ සෞදි කොන්සල් කාර්යාලය තුළ සිදුවූ ඝාතනය සඳහා සම්බන්ධ පුද්ගලයන්ව තහවුරු කිරීමට අවශ්‍ය තවත් සාක්ෂි අවශ්‍ය බව ඔහු සදහන් කරයි.
සෞදියට සම්බාධක පැනවිය හැකි වාතාවරණයක් ඇතිවිය හැකි බව රාජ්‍ය ලේකම්වරයා අවධාරණය කළේය.
කශෝගි ඝාතනය මුල් කරගෙන සෞදි අරාබිය සමඟ ආර්ථික සබඳතා මුළුමනින්ම අත්හිටුවීමටත් ජනපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර සිටියි.