FAST NEWS

24×7 Around the Globe

පේරු විපක්ෂ නායිකාව තවදුරටත් සිර භාරයට…

පේරු විපක්ෂ නායිකාව තවදුරටත් සිරගත කිරීමට එරට ජාතික අපරාධ අධිකරණය තීන්දු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.
ඒ අනුව 2021 වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයත් ඇයට අහිමිවනු ඇතැයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.
බ්‍රසීල ඉදිකිරීම් සමාගමක් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1.2 ක මුදල් විශුද්ධිකරණය ඇයට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.
මෙම නඩුව එරට ජාතික අපරාධ අධිකරණ ඉදිරියේ විභාගයට ගැනුනු අතර තමන් වරදක් කර නොමැති බව විපක්ෂ නායිකාවරිය පවසයි.
නමුත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පිරිස අධිකරණයෙන් ඉල්ලා සිට ඇත්තේ ඇයව වසර 03 ක් දක්වා සිරගත කරන ලෙසටයි.