FAST NEWS

24×7 Around the Globe

නව ආණ්ඩුවට එරෙහි නව පෙරමුණට නමක් සහ ලාංඡනයක් සැකසීම අරඹයි…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , එක්සත් ජාතික පෙරමුණ හා අනෙකුත් දේශපාලන පක්ෂ වලට ඒකාබද්ධ විය හැකි ලෙස සකස් කරන නව පෙරමුණ සඳහා අලුත් නමක් සහ ලාංඡනයක් සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ බිහිවූ නව ආණ්ඩුව සමග ඉදිරියේදී පැවැත්වෙන පළාත් සභා, ජනාධිපතිවරණය හා මහ මැතිවරණය යන මැතිවරණ සඳහා පුළුල් පෙරමුණක් ලෙස ඉදිරිපත් වීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෝ එකඟතාවකට පැමිණීමෙන් පසු මෙම නව පෙරමුණ බිහිකිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.
මේ සදහා ඕනෑම දේශපාලන පක්ෂයකට හා පුද්ගලයෙකුට එක්විය හැක.
නොබෝ දිනකින් මෙම නව පෙරමුණ එළිදැක්වෙනු ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙයි.