FAST NEWS

24×7 Around the Globe

කථානායක කරූ ජයසූරියට එරෙහිව විශ්වාසභංගයක්…?

කථානායක කරූ ජයසූරිය මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිළිබඳව නව ආණ්ඩුවේ අවධානය යොමුවී තිබෙන බව වාර්තා ෙවයි.
පාර්ලිමේන්තු සභාව රැස්වූ පසුව මුල් දින දෙක තුන ඇතුළත මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒම යෝජනාව මේ වන විටත් ජනාධිපති නීතිඥයකු විසින් කෙටුම්පත් කරමින් සිටින බවද ආණ්ඩු පක්‍ෂයේ නියෝජිතවරයකු සදහන් කළේය.
ස්වාධීන තනතුරක් ලෙස පාර්ලිමේන්තුවේ කථානායක තනතුරෙහි කටයුතු කළ යුතු වුවද, කරූ ජයසූරිය මහතා පසුගිය දිනවල ක්‍රියා කළේ පාර්ලිමේන්තුවේ කථානායක ලෙස නොව එක්සත් ජාතික පක්‍ෂයේ වුවමනාවන්ට අනුව බව ඉතා හොඳින් පැහැදිලි වන බවද එම නියෝජිතවරයා පැවසීය.
පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේ ඒකාබද්ධ විපක්ෂයට සිදුවූ අසාධාරණකම් ඉදිරියේ මුනිවත රැකීමට ක්‍රියා කළ කථානායකවරයා ඒ අවස්ථාවේදී මෙන්ම මේ අවස්ථාවේදීත් එක්සත් ජාතික පක්‍ෂයේ වුවමනාවන් වෙනුවෙන් කටයුතු කිරීම ඉතා කනගාටුදායක කරුණක් බවද එම නියෝජිතයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.