FAST NEWS

24×7 Around the Globe

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට යළිත් එම ධුරයට ඇරයුම්…

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට යළිත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිධුරය භාර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ආරාධනා කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
ජනාධිපතිවරයාට නව මහ බැංකු අධිපතිවරයකු පත්කිරීම සඳහා වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා ඉල්ලා අස්‌විය යුතු වේ.
නව මුදල් අමාත්‍යවරයාට නව මහ බැංකු අධිපතිවරයෙක්‌ පත්කිරීමට ඉඩ සලසමින් වත්මන් මහ බැංකු අධිපතිවරයා බොහෝදුරට ඉවත් වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කරයි.
ඉන් පසුව අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ නම වත්මන් මුදල් හා ආර්ථීක කටයුතු ඇමැතිවරයා විසින් ජනාධිපතිවරයාට නිර්දේශ කිරීමට නියමිත බවත් ඒ අනුව ඔහුව යළිත් මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීමට නියමිතව ඇතැයිද වාර්තා වේ.