FAST NEWS

24×7 Around the Globe

සංචාරක පැමිණීම්වල මධ්‍යස්ථ වර්ධනයක්…..ශ්‍රී ලංකා මහ බැංකුව

2017 අගෝස්තු මාසය හා සැසඳීමේදී 2018 වසරේ අගෝස්තු මාසයේදී සංචාරක පැමිණීම්වල මධ්‍යස්ථ වර්ධනයක් වාර්තා වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව වාර්ෂික පදනම මත 4.9% ක වර්ධනයක් වී ඇත.
වසරේ පළමු වැනි මාස 08 තුළදී මුළු සංචාරක පැමිණීම් ප්‍රමාණය 1,582,835ක් ලෙස වාර්තා වී ඇති අතර, එය 12.5% ක සමුච්චිත වාර්ෂික වර්ධනයකි.
ඒ අනුව වසරේ පළමු මාස 08 තුළ සංචාරක ඉපැයීම් ඇමරිකානු ඩොලර් මිලියන 2935 ක් වී ඇත.
එක්සත් රාජධානියේ සිට පැමිණි සංචාරකයන්ගේ ප්‍රමාණාත්මක වර්ධනය අගෝස්තු මාසයේ සංචාරක අංශයේ වර්ධනය සඳහා දායක වී ඇත.
නමුත් මැද පෙරදිග රටවලින් පැමිණි සංචාරකයන්ගේ සැලකිය යුතු අඩුවීමක්ද දක්නට ලැබී ඇත.