FAST NEWS

24×7 Around the Globe

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහතට…

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඊයේ (25) දිනයේදී පහළ ගොස් ඇත.
ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 66.17 දක්‌වා ද, බ්‍රෙන්ට්‌ බොරතෙල් බැරලයක මිල ඩොලර් 75.59 දක්‌වා ද අඩු වී තිබේ.
ඒ හේතුවෙන් මෙරට ක්‍රියාත්මක මිල සූත්‍රය අනුව ඉන්ධන මිල අඩුවිය යුතු වුවද සංශෝධනයට නියමිතව ඇත්තේ නොවැම්බර් 10 වැනිදාය.
පසුගිය දිනවල ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 85 පමණ දක්‌වා ඉහළ ගොස්‌ තිබිණි.