FAST NEWS

24×7 Around the Globe

එංගලන්තය හදිස්සියේම ටෙස්ට් සංචිතයට සරේ ක්‍රීඩකයෙක් කැඳවයි..

පාදයේ අබාධ තත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා සංචාරය අහිමී වු සංචාරක එංගලන්ත කණ්ඩායමේ අතිරේක කඩුළු රකින්නෙකු වශයෙන් තබාගෙන සිටින ජොනී බිස්ට්‍රොව් වෙනුවට සරේ ප්‍රාන්ත ක්‍රීඩකයෙක් වන බෙන් ෆෝකීස් සංචිතයට කැඳවු බව එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.
ශ්‍රී ලංකාව හා එංගලන්ත කණ්ඩායම අතර තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය නොවැම්බර් 06 වැනිදා ආරම්භ විමට නියමීතය.
ඉන් පෙර සංචාරක එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම සමග දෙදින පුහුණු තරඟ ද්විත්වයකට සහභාගි වීමට නියමීතය.
එහෙයින් බෙන් ෆෝකීස් සංචිතයට එක් විම සඳහා මෙම සති අන්තයේ මෙරටට පැමීණිමට නියමීත බව පැවසේ.