FAST NEWS

24×7 Around the Globe

අප්පච්චි මළා පිල ජාතික ලැයිස්තුවෙන් දියවන්නා තරණයට?

එස්.බී. දිසානායක, ලක්ෂමන්යාපා අබේවර්ධන, විජිත් විජයමුනි සොයිසා, ජගත් පුෂ්පකුමාර, ලක්ෂ්මන් සෙනවිරත්න, නන්දිමිත්‍ර ඒකනායක, මහින්ද සමරසිංහ, පියසේන ගමගේ, තිලංග සුමතිපාල යන අය ඇතුළුව 15 දෙනෙකු අප්පච්චි මළා පිලට එක්ව සිටී.

කෙසේවුවද සන්ධානයට හිමිව ඇත්තේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර 12ක් පමණි.

මේ අතර, මහින්ද පාර්ශවයෙන් ඉදිරිපත්කර ඇති ජාතික ලයිස්තුවේ සිටින තිස්ස අත්තනායක, දි.මූ. ජයරයරත්න ඇතුළු දේශපාලන පක්ෂ නායකයන් සම්බන්ධයෙන්ද සලකා බලන්නැයි මහින්ද පාර්ශව පිලෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව පැවසේ.

මේ අතර දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයන් නැවත පත් කිරීම ප්‍රජාතනත්‍රවාදය කෙලෙසීමක් බවයි.