FAST NEWS

24×7 Around the Globe

පස්වැනි තරගයට එංගලන්තයේ වෙනස්කම් – කණ්ඩායම් දෙක මෙන්න..

ශ්‍රී ලංකාව සමග අද (23) ආරම්භ විමට නියමීත පස්වැනි හා අවසන් එක්දින තරඟය සඳහා සංචාරක එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පෙළෙ ක්‍රීඩකයින් වන ජේසන් රොයි, ඔලි ස්ටොන්,බෙන් ස්ට්‍රොක් හා ක්‍රිස් වොක්ස් බොහෝ දුරට ක්‍රීඩා නොකරනු ඇති බව එම කණ්ඩායම් ආරංචි මාර්ග පවසයි.
එ වෙනුවට ලියම් ප්ලන්කට්,ජොයි ඩෙන්ලි,සැම් කරන් හා මාර්ක් වුඩ් මෙම තරගයට ක්‍රීඩ කරනු ඇති බවත් පැවසේ.
එංගලන්තය මෙවන විට තරගාවලිය 3-0 ලෙස ජයගැනිමට සමත් විම නිසා අනෙක් සංචිතයේ අනෙක් ක්‍රීඩකයින්ට ක්‍රීඩා කිරිමට අවකාශය සලසමීන් මෙසේ වෙනස් කම් කිහිපයක් සිදු කෙරෙනු ඇති බව පැවසේ.
එසේම ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා කසුන් රාජීත වෙනුවට දුෂ්මන්ත චමීර කැඳවනු ඇති බවත් කුසල් මෙන්ඩිස් තවදුරටත් කණ්ඩායමේ ක්‍රීඩා කරනු ඇති බවටත් කණ්ඩායම් ආරංචි මාර්ග කියයි.
එසේම අද (23) තරගයට ක්‍රීඩා කල හැකි කණ්ඩායම ක්‍රික් ඉන්ෆෝ වෙබි අඩවිය විසින් නිකුත් කර තිබේ.
එංගලන්තය (ක්‍රීඩා කළ හැකි): 1 ජොයි ඩෙන්ලි , 2 ඇලෙක්ස් හෙල්ස්, 3 ජොයි රූට්, 4 ඉයන් මොගන් (නායක), 5 ජොස් බට්ලර් (කඩුළු), 6 මොයින් අලි, 7 සෑම් කරන්, 8 ටොම් කරන්, 9 ලියම් ප්ලන්කට්, 10 ආදිල් රෂිඩ්, 11 මාර්ක් වුඩ්
ශ්‍රී ලංකාව (ක්‍රීඩා කළ හැකි): 1 නිරෝෂන් දික්වැල්ල (කඩුළු), 2 සධීර සමරවික්‍රම, 3 දිනේෂ් චන්දිමාල් (නායක), 4 කුසල් මෙන්ඩිස්, 5 ධනංජය ද සිල්වා, 6 දසුන් ශානක, 7 තිසර පෙරේරා, 8 අකිල ධනංජය, 9 අමිල අපොන්සෝ, 10 ලසිත් මාලිංග, 11 දුෂ්මන්ත චමීර