FAST NEWS

24×7 Around the Globe

ඉසුරු උදාන වැඩිම කඩුළු ලාභියා වෙයි..

එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේදි ඊයේ (21) අවසන් වු ඇෆ්ගනිස්ථාන ප්‍රීමියර් ලීග් විස්සයි – 20 තරගාවලියේ කුසලානය දිනා ගැනිමට Mohammad Nabi ගේ නායකත්වයෙන් යුත් Balkh Legends කණ්ඩායම සමත් විය.
තරගයේ අවසන් මහා තරගය Balkh Legends කණ්ඩායම හා Kabul Zwanan කණ්ඩායම අතර පැවැත්වුණි.
මෙහිදි කාසියේ වාසිය දිනාගත් Kabul Zwanan සිය පන්දුවාර 20 අවසානයේ කඩුළු 09 ක් දැවි ලකුණූ 132 ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Balkh Legends කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 01 කදී කඩුලු 06 ක් පමණක් දැවි ලකුණූ 138 ක් ලබා ගනිමීන් සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.
එසේම මෙම තරගාවලියේ වැඩිම කඩුළුලාභියා විමට Paktia Panther කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන සමත් විය.
ඒ අනුව ඔහු තරග 08 ක් ක්‍රීඩා කර කඩුළු 17 ක් දවා ගැනිමට සමත්ව තිබේ.