FAST NEWS

24×7 Around the Globe

සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගිගේ ඝාතනය සම්බන්ධයෙන් තුර්කි ජනපතිගෙන් හෙට ප්‍රකාශයක්..

සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතනය සම්බන්ධයෙන් හෙට (23) දිනයේදී ප්‍රකාශයක් සිදු කිරීමට තුර්කි ජනාධිපති රෙජෙප් ටයිප් එර්දගොන් බලාපොරොත්තුව ඇත.
තුර්කි පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් සමග හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත සාකච්ඡාවකදී ජනපතිවරයා මෙම ප්‍රකාශය කිරීමට නියමිතයි.
තුර්කියේ ස්තම්බුල්හි පිහිටි සෞදි කොන්සල් කාර්යාලයේදී ඇති වූ ගැටුමකින් මාධ්‍යවේදී ජමාල් කෆෝගී මිය ගිය බව සෞදි රජය පසුගියදා ප්‍රථම වතාවට පිළිගත්හ.
මේ වන විට මෙම ඝාතනය සම්බන්ධයෙන් සැක පිට 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර සෞදි බුද්ධි අංශයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම් කිරීමටද රජය විසින් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.