FAST NEWS

24×7 Around the Globe

ලෝක කුසලානයට යන සැලසුම ගැන සධීර හෙළි කරයි..

පියවරෙන් පියවර ලෝක කුසලානයට සුදානම් වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ සැලැස්ම බවත් එබැවින් එළඹෙන තරඟමාලාවලට සාර්ථකව මුහුණදීම අරමුණ බව නවක ආරම්භක පිතිකරු සධීර සමරවික්‍රම හෙට (20) එංගලන්තය සමග පැවැත්වෙන සිව්වන එක්දින තරඟයට පෙරාතුව පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ අද (19) පැවති මාධ්‍ය හමුවේදි ප්‍රකාශ කළේය.
“කණ්ඩායමක් විදියට බලාපොරොත්තු වෙනවා සිරිස් එකෙනන සිරිස් එකට යන්න නැත්තම් මැච් එකෙන් මැච් එකට යන්න, අපි බලාපොරොත්තු වෙනවා ලෝක කුසලානයට යද්දි ඊට කලින් තියන..දැනි අපිට තියනවා සිරිස් තුනක් තියනවා තව ගොඩක් චැලෙන්ජ් එකක් තියන සිරිස් තුනක්ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ එ කන්ඩිෂන් වලිට මුලින්ම යුස් වෙලා කණ්ඩායම කොහොමහරි වර්ල්ඩ් කප් එක වෙද්දි පරාජය වෙලා තියන මානසිකත්වයෙන් දිනන මාන්සිකත්වයකට ගෙන්න තමා අපි බලාපොරොත්තු වෙන්නේ”
මේ වන විට දෙකට බින්දුවක් ලෙස තරගමාලාවේ ඉදිරියෙන් පසුවන්නේ එංගලන්ත කණ්ඩායමයි.
හෙට පැවැත්වෙන හතරවන එක්දින තරඟය පෙරවරු 10 ට ආරම්භ වීමට නියමිතයි.