ක්‍රිකට් තේරිම් කමීටුවේ හිටපු සභාපති හා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසුරිය මහතා ඇත්තේ මැච් පවාදිමේ චෝදනාවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමීන් පැවසීය.
“එංලන්නතයේ සුද්දෝ ටික ක්‍රිකට් ටිම් එක මෙහෙට අරන් එනවත් එක්ක ම අර අයි.සී.සී එකේ අර දුෂණ හොයන කට්ටිය මෙ වේලාවේම එනවා,ඇවිල්ලා අපේ හිටපු ක්‍රීඩකයන්ට අවමාන කරනවා,සනත් ජයසුරීය මහත්තයට තියන චෝදනාව මැච් පවා දීම නොවේ,ඔහුගෙන් තොරතුරක් අරගෙන තොරතුරක් දුන්නේ නෑ කියන එක, එක මැච් පවා දීමේ චෝදනාවක් නෙවේ,නමුත් මැච් පවාදෙන මට්ටමට හිටපු ක්‍රීඩකයන්ට අපහාස කරමීන් වර්තමාන ක්‍රීඩකයින් බය කරමීන්,මේ හදන්නේ මානසිකව අපේ ක්‍රීඩකයින් වට්ටලා,අර ටෙස්ට් දිනා ගත්ත ආකාරයත් කඩා කප්පල් කරලා දානවා,එ නිසා අපි ක්‍රීඩා ඇමති තුමාට කියනවා නීතිය හොඳයි හැබැයි නීතිය ක්‍රියාත්මක කරන්න ඕන වෙලාවල් තියනවා,ඇයි මේ සුද්දෝ ටිම් එක මෙහාට එනකොටම,මේ ගොල්ල මෙහාට පාත් වෙලා ග්‍රවුන්ඩ් එකේ දොර ලගයි අර ලගයි මේ ලගයි ඉන්නකොට අපේ ක්‍රීඩකයන්ගේ මානසිකත්වය කඩන් වැටෙනවා, එ නිසා සනත් ජයසුරිය කියන්නේ මාස්ටර් බිලාස්ටර්, අපිට වර්ල්ඩ් කප් එක ගෙනාපු අර්ජුන රණතුංග මැතිතුමාගේ නායකත්වයෙන් යුක්ත කණ්ඩායමේ,හිටපු ප්‍රධානම ක්‍රීඩකයා, මෙ අර්ජුන රණතුංග මැතිතුමා ඇතුළු මෙ මුලු කණ්ඩායම අපේ රටට ගෞරවයක් ගෙනාව කණ්ඩායමක්, අයට මෙහෙම කියපලා අපහාස කරන්න ඉඩ ප්‍රස්ථාව දොර විවර කිරිම පිළිබඳව, මම කණගාටු වෙනවා විරෝධය පානවා මේ වෙලාවේ මොකද සනත් ජයසුරිය මැතිතුමාට කිසිම අකාරයක මැච් පවා දිමේ එහෙම එකක් නෑ..මැච් පවාදිමේ කිසිම චෝදනාවක් මේ ලංකාවේ ක්‍රීඩකයින්ට නෑ මේ වෙලාවේ එහෙම කාරණා කටයුතු කිරිම සම්බන්ධයෙන් අපි එතුමාට කරුණාකරලා මේ පාරමී මාරිස්ටෙල්ලාටත් සනත් ජයසුරියට වගේම අවමාන කරන්න දෙන්න එපා..”