FAST NEWS

24×7 Around the Globe

එජාපයෙන් ගිය එක ගැන පබා පසු තැවෙයි.

උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගම්පහ දිස්ත‍්‍රික්කයට තරග වැදුණා. එම දිස්ත‍්‍රික්කයෙන් සන්ධානයට හිමි වූ මන්ත‍්‍රී ධුර ගණන 8ක්. කෙසේ වෙතත් මනාප ලැයිස්තුවේ උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියට හිමි වූයේ 19 වන ස්ථානයයි. ඇයට ලැබුණු මනාප ඡන්ද ගණන විසි දෙදහස් හයසිය අසූ නවයක්.

තමන් මහමැතිවරණයට ඉදිරිපත් වූයේ පරාජය වන බව දැන දැනම බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය පවසනවා.

ඇය කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීම සම්බන්ධයෙන් කිසියම් පසුතැවීමක් ද තිබෙන බවයි.