FAST NEWS

24×7 Around the Globe

පරාජයට හේතුව හා තිසරගේ බලපෑම ගැන දික්වැල්ල කියයි.

පිතිකරණයේ පැවති දුර්වලතා හේතුවෙන් ඊයේ (17) පල්ළේකැලේ ක්‍රීඩාංගණයේදි එංගලන්තය සමග පැවැති තරගය පරාජයට පත් වු බව ශ්‍රී ලංකා ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල ඊයේ රාත්‍රි මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසීය.
කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවන් සිය දක්ෂතා දැක්වීමට අසමත් විමත් තිසර පෙරේරාගේ දැවි යාමත් මුලික වු පිතිකරණ දුර්වලතාවය පරාජයට හේතුවු බව හෙතෙම පෙන්වා දුන්නේය.
“ඔව්ර් 21 කට තරගය අඩු විමත් අපිට වාසි දායක වුනා අපි හොද ආරම්භයක් ලබා ලබා ගත්තා..තිසර එතන දැවි නොගියානම් ඔහු එතන තව පන්දුවාර පහ හයක් බැටි කරානම්අපි අනිවාර්යෙන් 190 කට එහා ලබා ගන්න තිබුනා..එහෙම වුනා නම් මේතත්වය වෙනසි වෙන්න තිබුනා..මොකද රැට පන්දු යවන්න අමාරුයි පොඩ්ඩක් තෙත ගතියක් තිබ්බා..එ නිසා තව ලකුණු 20 ක් 25 ක් අඩු වුන.. සමාන්‍ය 150 වැඩියි..එත් තිසරගේ දැවි යාමයි අනු දෙකට විකට් දෙකක් තිබිලා. 92 කට විකට් හතරක් යාමෙන් තමා අපි ලොකු පසු බැමකට ලක් වුනේ..පන්දු යැවිම නෙමේ එතන පිතිකරණය ..තමා ලොකු අඩුපාඩුවක් තිබ්බේ..”