FAST NEWS

24×7 Around the Globe

පොලිස්පතිවරයා කොරියානු ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කිරීමට යෝජනාවක්..

පසුගිය කාල සීමාවේ විවිධ ප්‍රකාශයන් සහ විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් වඩාත් කතාබහට ලක්වූ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කොරියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කර යැවීමට යෝජනා වී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස්පති ධූරයෙන් ඉවත්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඔහුට දැනුම් දී තිබෙන අතර පූජිත් ජයසුන්දර මහතා මේ සතියේදී එම ධූරයෙන් ඉවත්වීමට නියමිත බවද පැවසේ.
ඔහු ඉවත් වුවහොත් පුරප්පාඩුවන පොලිස්පති ධූරයට මධ්‍යම සහ සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වික්‍රමසිංහ සහ පොලිස් පරිපාලන කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමසිංහ යන මහත්වරුන්ගෙන් කෙනෙකු පත් කිරීමට වාතාවරණය ඇති බවත් වාර්තා වෙයි.