FAST NEWS

24×7 Around the Globe

මහින්ද මෛත්‍රී අතර නිල සාකච්ඡාවක්..

නව ආණ්ඩුවක් සම්බන්ධයෙන් නිල සාකච්ඡාවක් ඉදිරි දෙසතිය තුළ මහින්ද රාජපක්ෂ හා ජනපති මෛත්‍රීපාල සිරිසේන අතර සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මහින්ද රාජපක්ෂ සමග දිනේෂ් ගුණවර්ධන හා බැසිල් රාජපක්ෂද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග මහින්ද අමරවීර හා එස්.බි. දිසානායක යන අයද සාකච්ඡාවට සහභාගි වීමට නියමිත බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
භාරකාර ආණ්ඩුවක් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පිරිස් විරුද්ධ වීමත් ආණ්ඩුවට සම්බන්ධ මෛත්‍රී පාර්ශ්වයෙන්ද ඒ සඳහා පූර්ණ එකඟතාවක් නොලැබුණහොත් අයවැයට පෙර නව ආණ්ඩු වැඩපිළිවෙළ අසාර්ථක වන බැවින් අය – වැය පරාජය කොට පාර්ලිමේන්තු මහ මැතිවරණයකට යාමේ අවස්ථාව උදාකර ගැනීම පිළිබඳ මෙම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ඇති බවද සඳහන්ය.
අයවැය පරාජය කිරීම සඳහා එජාපයේ පිරිසක් දැනටමත් සහය වීමට කැමැත්ත පළ කර ඇති බැවින් අයවැයට පෙර ආණ්ඩුවක් පිහිටුවීම සිදු නොවුණු ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
රාජපක්ෂ පවු‍ලේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.