FAST NEWS

24×7 Around the Globe

අලුතින් දාන තුරුම්පුව පන්දුව හා හෙට (13) සැලසුම ගැන අකිල කියයි..

දඹුල්ල ක්‍රීඩාංගණයේදි සිව් වසරක් පුරා ජය නොලැබුවද එම වාර්තා වාර්තමානයට අදාළ නොවන බව, දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය හෙට (13) පැවැත්වෙන තරගයට අදාළව අද (12) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවති මාධ්‍ය හමුවේදි පැවසීය.
“අපිට පසුගිය වාර්තා වැඩක් නැහැ. අවශ්‍ය වන්නේ එදා දවසේදී හොඳින් ක්‍රීඩා කිරීමයි. අපිට හොඳ පිතිකරුවන් ඉන්නවා. ඔවුන් හැමදෙනාම හොඳ මානසික ශක්තියකින් ඉන්නෙ.
කොහොම වුණත් මේ තණතීරුවේදී ලකුණු 275කට විතර එංගලන්ත කණ්ඩායම නවතා ගන්න පුළුවන් වුණොත් අපිට වාසිය ගන්න පුළුවන්. මම දැන් කණ්ඩායමේ අංක එකේ දඟපන්දු යවන්නා වුණා කියලා වෙනම පීඩනයක් මට නැහැ. පසුගිය කාලයේ මට අවස්ථාවක් නැති වුණ විට ද පන්දු පුහුණුකරු පියල් සර් සමග පුහුණුවීම් කරලා තමයි මේ තත්ත්වයට ආවේ.
ඒ නිසා මම පුහුණුවීම්වලදී කරන දේවල් තමයි මැදට ගිහිල්ලත් කරන්නෙ. අලුත් දේවල් කරන්නෙ නැහැ. දැන් කැරම් පන්දුවත් පුහුණුවෙනවා ඉස්සරහට දාන්න. සමහර විට මේ තරගාවලියේදී ඒ පන්දුව දමන්න පුළුවන්.”