FAST NEWS

24×7 Around the Globe

අලි ඇතුන් දුම්රියේ ගැටීම වළක්වන විධිමත් ක්‍රමවේදයක් තව දෙමසකින්…

දිනෙන් දින අලි ඇතුන් දුම්රියේ ගැටීම හේතුවෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීමට මාස 02 ක් තුළ විධිමත් ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සඳහන් කරයි.
ගෙවී ගිය මාස 02 ක කාලය තුළ පමණක් දුම්රියේ ගැටීම හේතුවෙන් අලින් 08 දෙනෙකු මරණයට පත්ව ඇත.
අලි ඇතුන් දුම්රියේ ගැටීම වළක්වා ගැනීමට ක්‍රමවේදයන් කිහිපයක් ක්‍රියාත්මක වුවත් ඒ තුළින් නිසි ලෙස ප්‍රතිඵල ලැබී නොමැති බවද එම සභාවේ සභාපති සිසර කෝදාගොඩ මහතා සඳහන් කළේය.