ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනයට කුමන්ත්‍රණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පොලිස් කණ්ඩායම පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂි වීරවංශ මහත්මියගෙන්ද ඉදිරි සතියේ ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වේ .
මෙම කුමන්ත්‍රණ සිද්ධියට සම්බන්ධව හෙළිදරව් කල නාමල් කුමාර නමැත්තා සමග සබඳතා පැවැත්වූ බව කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ජාතිකයා අවස්ථා කීපයකදී විමල් වීරවංශ මහතාගේ නිවසට ගොස් ඒ මහතාගේ බිරිඳ මුණ ගැසී ඇතැයි විමර්ශනවලින් හෙළිවී ඇති බව කියැවේ.
විමල් වීරවංශ මහතා හමුවීමේ අදහසින් තමන් ඒ මහතාගේ බිරිඳ මුණ ගැසුණු බවට සැකකාර ඉන්දීය ජාතිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර ඇති බවත්,විමල් වීරවංශ මහතාගේ ජීවිතයට තර්ජන ඇතැයි තමා පුවත්පත්වලින් දුටු බවත් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට ඒ මහතා හමුවීමට උත්සාහ කළ බවත් එම ඉන්දීය ජාතිකයා ප්‍රශ්න කිරීම් වලදි පවසා ඇති බවද කියැවේ.
එහෙත් මෙම පුද්ගලයාගේ ඇතැම් ප්‍රකාශ ගැටලු සහගත බවත් එම කරුණු නිරාකරණය කර ගැනීමට ශෂී වීරවංශ මහත්මියගෙන් මෙසේ ප්‍රශ්න කිරීමට නියමිත බව කියැවේ.
මෙම ඉන්දීය ජාතිකයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණේ නාමල් කුමාර නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර තිබූ දැනුම් දීම අනුවෙ වන අතර සැකකාර ඉන්දීය ජාතිකයා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයේ සිටියි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.