FAST NEWS

24×7 Around the Globe

මාලිංග හා ශ්‍රී ලංකා අභියෝගය ගැන බට්ලර් කියයි..

ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ගේ අභියෝගයට සිය කණ්ඩායම සුදානම් බව එංගලන්ත කඩුළු රකින ක්‍රීඩක ජෝස් බට්ලර් අද (10) තරගයට පෙරාතුව පැවති මාධ්‍ය හමුවට එක් වෙමීන් ප්‍රකාශ කළේය.
එසේම ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගද හොඳට හුරු පුරුදු බවත් හෙතෙම මෙහිදි පැවසීය.
” ශ්‍රී ලංකා දඟපන්දු යවන්නන්ගේ අභියෝගයට අපි සූදානම්. වේගපන්දු යවන මාලිංග ගැන කතා කළත් අපිත් ඔහුත් අයි.පී.එල්. තරගාවලියේදී එකට ක්‍රීඩා කරල තියෙනවා.ඒ නිසා ඔහු මටත් හොඳට හුරුයි. මා හිතන්නේ අපේ අනෙක් පිතිකරුවන්ටත් ඔහු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. අයි.පී.එල්. වලදී වගේම අපි පසුගිය කාලයේ මේ කලාපයේ දඟපන්දු යවන්නන්ට සෑහෙන තරගවලදී මුහුණ දුන්න නිසා මෙම තරගාවලියේදිත් දඟපන්දු යවන්නන් ලොකු අභියෝගයක් වෙන්නෙ නැහැ”