ශ්‍රී ලංකා වෙළෙඳ තොරතුරු ද්වාරය පසුගිය දා ආරම්භ කිරීමෙන් පසු ශ්‍රී ලාංකීය ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය ආනයන – අපනයන තොරතුරු නිවැරදිව හා සාර්ථකව හුවමාරු කිරීම ආරම්භ කර ඇති බවත්, එහි දත්ත ගබඩාව ජාත්‍යන්තර වෙළෙඳාම ආශ්‍රිතව වඩාත් නිවැරදි තොරතුරු ගබඩා කරගෙන සිටින බවත්, එම නිසා අපගේ ව්‍යවසායකයින්ට ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා අවශ්‍ය වන තොරතුරු සියල්ලම අද සැනෙකින් ලබා ගැනීමට හැකි වී තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පසුගියදා සිය අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ප්‍රකාශ කළේය.
ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ (WTC) සහාය ඇතිව පසුගිය ජූලි 20 වැනිදා කොළඹදී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා වෙළෙඳ තොරතුරු ද්වාරය (SLTIP – Sri Lanka Trade Information Portal) මේ වන විට සක්‍රීයව ක්‍රියාත්මක වෙමින් දේශීය ව්‍යවසායක ප්‍රජාවට ජාත්‍යන්තර වෙළෙඳාමට අවශ්‍ය ආනයන – අපනයන තොරතුරු ඇතුළු ව්‍යාපාරික තොරතුරු මෙම තොරතුරු ද්වාරය මගින් ලබා දිමට කටයුතු කර තිබේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා..
“ශ්‍රී ලංකා වෙළෙඳ තොරතුරු ද්වාරය නිසා අපගේ ව්‍යවසායකයින්ට, ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු සඳහා ඉතා හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා. දැන් ඔවුන් තම පාර්ශවකරුවන් සමග ආනයන – අපනයන මෙන්ම හවුල් ව්‍යාපාර අවස්ථාවන් ගැනද සාර්ථකව සාකච්ඡා කරමින් සිටිනවා. එය අපේ ව්‍යාපාර ක්ෂේත්රයට ඉතා හොඳ අවස්ථාවක් උදා කරලා තියෙනවා. මේ නිසා අපගේ ව්‍යාපාරික හා ආයෝජන ක්ෂේත්රයේ සුවිශේෂි සංවර්ධනයක් අපට අපේක්ෂා කරන්නට පුළුවන්. මේ අවස්ථාව අපගේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ටත් ලබා දීමට අපි පියවර ගන්නවා.
මේ මගින් ඔබටත් ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීමට අපේක්ෂා කරනවා. ශ්‍රී ලංකා වෙළෙඳ තොරතුරු ද්වාරයේ මුළු අන්තර්ගතයෙන් සියයට 98.8 ක් වන ආකාරයට යාවත්කාලීන කිරීමට හැකිවී තිබෙනවා. දියත් කිරීමෙන් පළමු මාස දෙක ඇතුළත 10,071 ක පිරිසක් මෙම වෙබ් පිටුවට පිවිස තිබෙනවා. එය ලෝක බැංකුවේ ආධාර ඇතිව ක්‍රියාත්මක වන වෙළෙඳ තොරතුරු ද්වාරයක වාර්තා වුණු ඉහළම අගය වෙනවා. ලෝක බැංකු සමූහය (World Bank Group/ WBG) නොකඩවාම වෙළෙඳ තොරතුරු ද්වරය සඳහා මූල්‍යමය ආධාර සපයන අතර වෙනත් ආධාර ලබා දෙන ඒජන්සිය වන අන්තර්ජාතික වෙළෙඳ මධ්‍යස්ථානය හා GIZ නැමති ජර්මන් ආධාර ආයතන වෙළෙඳ තොරතුරු ද්වාරයේ අනාගත සංවර්ධනය සඳහා සහාය පළ කිරීමට එකඟතාව ලබා දී තිබෙනවා.” යැයි පැවසීය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.