FAST NEWS

24×7 Around the Globe

පළමු පුහුණූ තරගයේ ජය එංගලන්තයට..

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම සමග ඊයේ (05) කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගණටය්දි පැවැති පළමු පුහුණු එක්දින ක්‍රිකට් තරගය එංගලන්ත කණ්ඩායම ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 43 කින් ජයග්‍රහණය කළේය.
තරගයේ කාසියේ වාසිය දිනු එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට ආරාධනා කළේ ය.
දිනේෂ් චන්දිමාල්, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම මෙහෙය වූ අතර එංගලන්ත කණ්ඩායම මෙහෙයවුයේ ඔයින් මෝගන් ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළේ දිමුත් කරුණාරත්න සහ ලහිරු තිරිමාන්න යි.
ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 53 ක සබඳතාවක් ගොඩ නැගුවේ ය.
තිරිමාන්න ලකුණු 23 ක් රැස් කළ අතර දිමුත් ලකුණු 25 ක් රැස් කර ඇත.
නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දිනේෂ් චන්දිමාල් ලකුණු 77 යි.
කමිඳු මෙන්ඩිස් ලකුණු 61 ක් රැස් කළේ ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම පන්දුවාර 50 අවාසනයේ කඩුලු 9 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 287 කි.
මොයින් අලී පන්දුවාර 10 කදී ලකුණු 42 ට කඩුලු 3 ක් දවා ගත්තේ ය.
ජයග්‍රහණය සඳහා ලකුණු 288 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 2 ලකුණු 41 කදී බිඳ වැටුණි.
අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කරන විට එංගලන්ත කණ්ඩායම පන්දුවාර 35 කදී කඩුලු 2 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 215 කි.
ජෝ රූට් නොදැවී ලකුණු 90 ක් හා නායක ඔයින් මෝගන ලකුණු 91 ක් රැස් කර ගෙන සිටියේ ය.