FAST NEWS

24×7 Around the Globe

බීමත් රියදුරන් හදුනා ගැනීමට ජාත්‍යන්තර ක්‍රමවේදයක්…

උපකරණක් මගින් බීමත් රියදුරන් හදුනා ගැනීමට හැකි නව ක්‍රමවේදයක් හදුන්වා දීමට පොලිසිය කටයුතු කර ඇත.
මෙය ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයක් වන අතර හෙරොයින් හා කංසා පානය කර රිය පදවන රියදුරන් හදුනා ගැනීමට මෙම උපකරණය මගින් හැකියාව ලැබෙනු ඇත.

අදාළ උපකරණ පොලිස් ස්ථාන වෙත ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කළ බව රථවාහන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය භාවිත කර වාහන ධාවනය කරන පිරිස් හඳුනා ගැනීමට විද්‍යාත්මක ක්‍රමයක් නොමැති නිසා මෙම තීරණය ගත් බවද ඒ මහතා කියා සිටියේය.