FAST NEWS

24×7 Around the Globe

සෙල්ෆි ගැනීමට ගොස් ලෝ පුරා පුද්ගලයන් 259 ක් මරුට…

ඉන්දියාවේ ආයතනයක් විසින් සිදුකළ නවතම සමීක්ෂණයකදී අනාවරණය වී ඇත්තේ වසර 07 ක් ඇතුළතදී සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් සිදුවූ අනතුරු වලින් ලොව පුරා පුද්ගලයන් 259 දෙනෙකු මියගොස් ඇති බවයි.
මියගිය පිරිසෙන් 159 දෙනෙකුම ඉන්දියානුවන් වීම ද විශේෂත්වයක්.
සෙල්ෆි ගැනීමට ගොස් දියේ ගිලීම්, ඇදවැටීම් සහ දුම්රියේ ගැටීම් හේතුවෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුව ඇත.
මෙම අනතුරු වලට ගොදුරු වූ 72 % ක්ම වයස අවුරුදු 30 ට අඩු තරුණයන් වන බවත් අදාළ සමීක්ෂන වාර්තාවේ වැඩිදුරටත් සදහන්ව ඇත.