FAST NEWS

24×7 Around the Globe

එක්දින තරගාවලිය හා මැතිව්ස් නොමැති විම ගැන මොර්ගන් කියයි..

සිය රටේදී පැවැත්වෙන 2019 ලෝක කුසලාන තරගාවලියට සූදානම් වීමේදී ශ්‍රී ලංකාව සමග ලබන 10 වැනිදා ආරම්භ වන එක්දින තරගවලිය වඩාත් වැදගත් වන බව එංගලන්ත එක්දින කණ්ඩායමේ නායක ඉයන් මෝගන් ඊයේ (03) කොළඹ පැවති මාධ්‍ය හමුවේදි ප්‍රකාශ කළේය.
එසේම සංගක්කාර මහේල හා මැතිව්ස් නොමැති කණ්ඩායම වෙනස්ම අභියොගයක් බවද හෙතෙම පැවසීය.
“අපි ශ්‍රී ලංකාවේදී 2014 වසරේ සහභාගි වූ තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සංගක්කාර, මහේල සහ මැතිව්ස් ක්‍රීඩා කළා. ඒක වෙනස් කණ්ඩායමක්. මෙවර වෙනස් කණ්ඩායමක් වගේම වෙනස් අභියෝගයක්” වනු ඇතැයි ද මෝගන් එහිදී වැඩි දුරටත් පැවසීය.