FAST NEWS

24×7 Around the Globe

“අපි කලින්ම දඹුල්ලට යනවා ” හේතුව හතුරු කියයි..

එංගලන්තය සමග ලබන 10 වැනිදා ආරම්භ විමට නියමීත තරග 05 කින් යුත් එක්දින තරගාවලියට සැලසුම් සකස් කර ඇති බවත්,පළමු තරගය පැවැත්වෙන දඹුල්ල ජාත්‍යන්තර කණ්ඩායම කලින්ම යන බවද ශ්‍රී ලංකා ක්‍රිකට් පහුණූකරු චන්දික හතුරුසිංහ මහතා ඊයේ (03) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමීන් ප්‍රකාශ කළේය.
“මෙ තරගාවලියට අපි සැලසුම් සකස් කරලා තියෙන්නේ,අපි ප්‍රැක්ටිස් කරනවා හොඳට,අපි සතියක් විතර වෙනවා පුහුණූවිම් පටන් අරගෙන,පස්වෙනිදාට යන දඹුල්ලට,ගිහිල්ලා එ තණතිලි වල පුරුදු වෙන්නට,ඉස්සර බැලුවාම අපි යන්නේ දවස් දෙක තුනකට ඉස්සරලා,අපි කල්පනා කරලා මෙම තරගාවලියට සැලසුම් වෙලා තියනවා හොඳට”