FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා තුරුම්පුව ශ්‍රීලංකාවට එරෙහිව භාවිත කරන සැලසුම රූට් හෙළි කරයි..

ශ්‍රී ලංකාව සමග නොවැම්බර් මස පැවැත්විමට නියමීත තරග තුනකින් යුත් ටෙස්ට් තරගාවලියේදි නව පන්දුවෙන් පන්දු යැවිම සඳහා දඟ පන්දු යවන ආදිල් රෂිඩ් හො ජැක් ලිච් යොදා ගැනිමට අපෙක්ෂා කරන බව එංගලන්ත ටෙස්ට් නායක ජෝයි රූට් එංගලන්ත මාධ්‍ය සමග ප්‍රකාශ කර තිබේ.
සංචාර දකුණූ අප්‍රිකා කණ්ඩායම සමග ටෙස්ට් තරගාවලියේදි ශ්‍රී ලංකාව නව පන්දුවෙන් පන්දු යැවිම සඳහා දඟ පන්දු යවන්නෙක් යොදාගෙන සාර්ථක ප්‍රතිපල අත්කර ගැනිම තමා අධ්‍යනය කල බව රූට් පවසා ඇත.
එසේම මෙ සම්බන්ධයෙන් ආදීල් රෂිඩ් සමග කතිකා කළ බවත් ඔහුද නව පන්දුවෙන් පන්දු යැවිමට කැමැත්ත පල කළ බවද හෙතෙම ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ පවතින තණතිලි බෙහෙවින් දඟ පන්දු යවන්නන්ට හිතකර ප්‍රතිපල ගෙන දෙන බැවින් මෙම උපක්‍රමය පිළිබඳව වඩා අවධානය යොමු කිරිමට අපෙක්ෂා කරන බවද ජෝයි රූට් ප්‍රකාශ කර ඇත.