FAST NEWS

24×7 Around the Globe

ඩෙංගු මදුරුවා මර්දනය කළ හැකි නව උපකරණයක්…

කොළඹ මහ නගර සභාවේ අනුග්‍රහය ඇතිව ඩෙංගු මදුරුවන් මර්දනය කළ හැකි නව උපකරණයක් කොළඹ නාගරික සීමාවේ අත්හදා බැලීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇත.
පළමු අදියරේදී එවැනි උපකරණ දහසක් කොළඹ නාගරික සීමාවේ නියමු ව්‍යාපෘතියක් ලෙස පිහිටුවන බව ද ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළාය.
පසුගිය 26 වනදා ආරම්භ කළ ඩෙංගු මර්ධන සතියේදී මදුරුවන් බෝවිය හැකි ස්ථාන 77 000 ක් හඳුනාගත් බව ද ඇය වැඩිදුරටත් පැවසීය.