FAST NEWS

24×7 Around the Globe

ලෝක මද්‍යසාර නිවාරණ දිනය අදයි….

ලෝක මද්‍යසාර නිවාරණ දිනය යෙදී තිබෙන්නේ අද (03) දිනයටයි.
මද්‍යසාර පිළිබඳ ගෝලීය තත්ත්ව වාර්ථාව විසින් 2004 වසරට අදාළව ලංකාවේ මද්‍යසාර භාවිතය හේතුවෙන් වසරකට 23,000 කට ආසන්න සංඛ්‍යාවක් මිය යන බවට අනාවරණය කර තිබේ.
ලංකාවේ මිනිසුන් මත්පැන් සඳහා දිනකට රුපියල් මිලියන 247ක් ද බියර් සඳහා දිනකට රුපියල් මිලියන 58ක්ද වියදම් කරන බව මද්‍යසාර සමාගම්වල වාර්තාවල සඳහන් වෙයි.
මධ්‍යම ආදායම් ලාභී රටවල මිනිසුන්ගේ අකල් මරණවලට හා ආබාධවලට ලක්කරවන හේතු ලැයිස්තුවේ ඉහළින්ම පවතින්නේ ද මද්‍යසාර භාවිතයයි.
මද්‍යසාර භාවිතය හේතුවෙන් රෝගී වුවන්ට සෞඛ්‍ය වියදම ලෙස රුපියල් බිලියන 145 ක් වැයවන අතර මෙම වියදම රජයට ආර්ථිකමය වශයෙන් ප්‍රබල බලපෑමක් ඇති කරයි.
මද්‍යසාර භාවිතය ලොව පුරා මිනිසුන්ගේ සතුට, සෞඛ්‍ය සහ සංවර්ධනය අඩාල කරවන මිනිසුන් රෝගී කරවන, පුද්ගලයින්ගේ ජීවිත හා පවුල් මෙන්ම සමාජයද බිඳ වැටීමකට ලක් කරන ප්‍රධාන සාධකයක් බවට මේ වනවිය පත්වී හමාරය.