FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනපතිගේ නමින් කූඨ ජාවාරමක්…

මහින්ද රාජපක්ෂ මහතාගේ නම භාවිත කරමින් කප්පම් ඉල්ලීම, පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතනවලට බලපෑම් කිරීම හා විවිධ ගනුදෙනු ඇතුළුව නීති විරෝධී හා අයථා කටයුතු කරන පුද්ගලයෙක් පිළිබඳව තොරතුරු වාර්තා වී ඇති බව ඒ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා සදහන් කරයි.
ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ තම නමට සමාන නමක් ඇති පුද්ගලයෙක් මෙසේ තම නම භාවිත කරමින් මේ ආකාරයට කටයුතු කරන බවයි.
රොහාන් වැලිවිට මහතා ඒ සම්බන්ධයෙන් හෝමාගම පොලීසියට පැමිණිල්ලක් ද දමා ඇත.
මෙවැනි ආකාරයේ සිදුවීම් වාර්තා වෙන්නේ නම් 077-1500500 දුරකතන අංකයට කථා කොට විස්තර ලබාදෙන ලෙසත් ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.