ගාල්ල කී‍්‍රඩාංගණයේ පැවැති අවසන් ටෙස්ට් තරගයේ දී දැක් වූ දක්ෂතා හේතුවෙන් ටෙස්ට් පන්දුයැවීම් සටහනේ 8 වැනි ස්ථානයේ සිට 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට රංගන හේරත් ට හැකි වී තිබෙනවා.
මේ අතර මෙම තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 59 ක් සහ දෙවැනි ඉනිමේදී නොදැවි ලකුණු 162 ක් රැස් කළ දිනේෂ් චන්දිමාල් ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීම් සටහනේ ස්ථාන 22 ක් ඉදිරියට පැමිණ තිබෙනවා. අනුව චන්දිමාල් මේ වන විට එම සටහනේ පසුවන්නේ 23 වැනි ස්ථානයේයි.








