පොරොන්දම් බැලීමේදී සලකා බලන දෝෂ කිහිපයක් ගැන ඔබ දැනුවත් වීම ඉතා වැදගත්. වැන්දඹු,බහු විවාහ, අවිවාහක, සරාගී දෝෂ සහ වඳ දෝෂ යන දෝෂ යෙදෙන ආකාර රාශියක් ඇත.
වැන්දඹු දෝෂ
* ස්ත්‍රී කේන්ද්‍රයේ 7,8 ස්ථාන වල කුජ,ශනි,රාහු,කේතු වැනි පාප ග්‍රහයන් වැඩි ප්‍රමාණයක් සිටීමත් පුරුෂ කේන්ද්‍රයේ 7,8 ස්ථානවල පාපීන් නැතිවීම හා පාපී ග්‍රහ දෘෂ්ථි නැතිවීම පුරුෂ මාරක යෝගයකි.
* කේන්ද්‍රයක හත අට අධිපති ග්‍රහයන් දෙදෙනා යෝගව හෝ පරිවර්ථනය වී(හත අධිපති අටේත් අට අධිපති හතේත් සිටීම) සිටින කේන්ද්‍රවලට එලෙසම ඇති කේන්ද්‍ර විවාහයට ගත යුතුය.නැත්නම් වැන්දඹුවේ.
* මේෂ හෝ වෘශ්චික රාශිගත චන්ද්‍රයා පාප ග්‍රහයන්ට මැදිවී(චන්ද්‍රයාගේ අංශකයට දෙපසින් ආසන්නයේ පාප ග්‍රහයන් සිටීම) සිටීම වැන්දඹු දෝෂයකි.
* ස්ත්‍රී කේන්ද්‍රයේ හත අධිපති ග්‍රහයා දුබලව පාපීන් සමග යෝගව හෝ පාප දෘෂ්ථිව හය අට හෝ දොළහේ පිහිටීම වැන්දඹු දෝෂයකි.
බහු විවාහ දෝෂ
* කේන්ද්‍රයක හත් වැන්නාධිපතියා සිකුරු සමග යෝගව (හත අධිපති සිකුරු වන විට සිකුරු ග්‍රහයාව සලකයි.) මිථුන,ධනු, මීන යන ද්විත්ව රාශියක තැන්පත් වීම.
* හතේ පාප ග්‍රහයන් තිදෙනෙකුට වැඩි ප්‍රමාණයක් සිටීම.
සරාගී යෝග
* සිකුරු කුජ යෝගය රවි සිකුරු යෝගය රාහු සිකුරු යෝගය කාම යෝග ලෙස සැලකේ. එවැනිම කේන්ද්‍ර ගැලපිය යුතුය.
අවිවාහක දෝෂ
* හත අධිපතියා හා සිකුරු ග්‍රහයන් දෙදෙනාම නීච වීම(හත අධිපති සිකුරු වන විට සිකුරු නීච වීම)
* ශනි මංගල දෝෂය(ඉහත සදහන්කළ ) හතේ හෝ ලග්නයේ යෙදීම
* කුජ රාහු යෝගය හතේ හෝ අටේ යෙදීම
වඳ දෝෂ
*පහ අධිපති හා බ්‍රහස්පති ග්‍රහයන් දෙදනාම නීච වීම
*පස්වැන්නාධිපති ශනි සමග යෝග වීම.
*පස්වැන්නාධිපතද හා ගුරු ග්‍රහයන් දෙදෙනාම මේෂ,මිථුන,සිංහ,කන්‍යා යන වඳ රාශි වල තැන්පත් වීම
*ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම කේන්ද්‍රවල පහේ රාහු සිටීම
* පහ හය ස්ථාන වල දුර්වල පාප ග්‍රහයන් තැන්පත් වීම.








