FAST NEWS

24×7 Around the Globe

සුසන්තිකා ජයසිංහට ‘ක්‍රීඩා ප්‍රවර්ධන උපදේශක’ තනතුරක්…

ක්‍රීඩා අමාත්‍යාංශයේ ‘ක්‍රීඩා ප්‍රවර්ධන උපදේශක’ තනතුර සදහා ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය පත්කර ඇත.
වත්මන් රජය උගත්, බුද්ධිමත් ක්‍රීඩා අමාත්‍යවරයෙකු රටට, ක්‍රීඩාවට ලබාදී තිබෙන බවත් පසුගියදා (28) ඇය ක්‍රීඩා අමාත්‍යාංශයේ දී එම තනතුරෙහි වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සදහන් කළාය.
“රටට ගෙනා ගෞරවයත් එක්ක ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ මා ලබාගත් අත්දැකීම්, ඉගෙන ගත්තු දෑ අවබෝධය අනුව වර්තමාන ක්‍රීඩා අමාත්‍යතුමා සමග ක්‍රීඩාව ගමට ගෙනයෑමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා.
ස්තුති වන්ත වෙනවා ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ගත්තු මේ පියවරට. රටේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තමන් කරන ක්‍රීඩාව ඉතා විශ්වාසයෙන් කරගෙන යෑමට මෙය ඉතා විශාල පිටුවහලක්.” යැයිද ඇය පවසා සිටියාය.