FAST NEWS

24×7 Around the Globe

අයි.සී.සී ක්‍රීඩක ආචර් ධර්ම පද්ධතියේ වෙනසක් – ඩක්වත් ලුවිස් න්‍යායෙත් වෙනසක්..

පසුගිය ජූලි 02 වනදා අයර්ලන්තයේ ඩබ්ලින් නුවරදී රැස්වූ අයි.සී.වාර්ෂික සමුලුවේදී සම්මත වු පරිදි යාවත්කාලීන කල අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනයේ ක්‍රීඩක ආචාර ධර්ම පද්ධතිය ක්‍රියාත්මක බව එම සම්මෙලනය නිවේනදනය කර සිටයි.
මේ අනුව පන්දුව පලුදු කිරීම ඇතුලු චෝදනා කිහිපයකට ලබාදෙන දඩුවම් ප්‍රමාණය ඉහළ නංවා තිබේ.
ඒ අනුව 03 වන මට්ටමේ වරදකට දැනට ලබාදෙන දඩුවම් ළකුණු 08 දඩුවම් ළකුණු 12 ක් දක්වා ඉහළ දමා ඇති අතර එය ටෙස්ට් තරග 06 කට හෝ එක්දින තරග 12 කට සමාන වන බව එම අචාර ධර්ම පද්ධතිය තුළ සඳහන්ව තිබේ.
එසේම මේ අතර ඩක්වත් ලුවිස් න්‍යාය සම්බන්ධ නීති මාලාවද සංශෝධනය කර තිබේ.