FAST NEWS

24×7 Around the Globe

ආසියානු කුසලාන යොවුන් තරගාවලියේදි ශ්‍රී ලංකාවට ජයක්..

වයස 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ තරගයක් ලෙස ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (29) චිතගොංග්හිදී පැවැති තරගයෙන් කඩුලු 06 ක පහසු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම පන්දුවාර 46 යි පන්දු 04 ක් අවසානයේ ලකුණු 141 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 142 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ පන්දුවාර 37 යි 05 ක් අවසානයේ කඩුලු 04 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.
බංග්ලාදේශ කණ්ඩායම – පන්දුවාර 46.4 කදී 10/141
(ටැන්සිද් හසන් 24, ටොව්හිද් රිඩෝයි 35, ශමිම් හොසේන් 20, රෂීඞ් හොසේන් නොදැවී 18, ශෂික දුල්ෂාන් 11/2, දුනිත් වෙල්ලාලගේ 21/2,  කල්හාර සේනාරත්න 31/2)
ශ්‍රී ලංකා කණ්ඩායම – පන්දුවාර 37.4 කදී 4/144
(නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 64, පසිඳු සූරියබණ්ඩාර 36, ශොරිෆුල් ඉස්ලාම් 29/2)