FAST NEWS

24×7 Around the Globe

ගෙවී ගිය වසර 04 දී සරසවි ආචාර්යවරුන්ගේ අඩුවීමක්…

පසුගිය වසර 04 පුරාවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රමාණය 112 කින් අඩුවී තිබෙන බව සමාජවාදී ශිෂ්‍ය සංගමය සඳහන් කරයි.
විශ්වවිද්‍යාල දියුණු කරන බවට පාලකයන් සඳහන් කළත් 2014 වසර වන විට දිවයිනේ විශ්වවිද්‍යාල තුළ ආචාර්යවරුන් 5610 ක් සිටි බවත් එහෙත් මේ වන විට විශ්වවිද්‍යාල තුළ සිටින්නේ ආචාර්යවරුන් 5498 ක් බවද එම සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය පැවසීය.
තවද විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට ලබාදෙන මහපොළ ශිෂ්‍යාධාර මුදල වර්තමානය වනවිට ප්‍රමාණවත් නොවන බවත් ඒ වෙනුවෙන් ඉදිරියේදී සටන් කරන බවද ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළේය.