FAST NEWS

24×7 Around the Globe

ෂකිබ් අල් හසන්ට ඉන්දීයාව සමග අවසන් තරගය අහිමී වෙයි..

ඉන්දීයාව සමග හෙට (28) පැවැත්වෙන අසියානු කුසලාන අවසන් මහා තරගයට බංග්ලාදේශ කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ෂකිබ් අල් හසන්ට අහිමී වන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසයි.
ඔහුගේ වම් අතෙහි ඇගිල්ලක ඇති වු ආබාධ තත්වයක් හේතුවෙන් මෙසේ ඔහුට අවසන් තරගය අහිමී වනු ඇත.
එසේම මෙම ආබාධ තත්වය හේතුවෙන් ඔහු ඊයේ (26) පාකිස්ථානය සමග පැවැති තරගයටත් ක්‍රීඩා නොකළේය.
මෙම ආබාධ තත්වය හේතුවෙන් සති 06 ක පමණ කාලයක් හසන්ට ක්‍රීඩාවෙන් ඉවත්ව සිටිමට සිදු වනු ඇති බවද නිව්යෝර්ක් හෝ මෙල්බර්න් වෙත ගොස් අදාළ ඇගිල්ල සඳහා ප්‍රතිකාර ගැනිමට සිදුවනු ඇති බවද බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසයි.