FAST NEWS

24×7 Around the Globe

මැතිව්ස්ගේ කාර්ය පැවරෙන තිදෙනා සහ ඔහු ඉවත් කළ හේතුව හතුරු කියයි..

ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරුවන් වන ධනංජය ද සිල්වා, දසුන් ශානක හෝ තිසර පෙරේරා යන තිදෙනාගෙන් අයකුට ඇන්ජලෝ මැතිව්ස් මෙන් ‘තරගය අවසන් කිරීමේ’ කාර්යය බාරගත හැකි බව එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරය සම්බන්ධයෙන් කණ්ඩායම් තෝරාගැනීම පිළිබඳ පැහැදිළි කිරිම ‍ඊයේ (26) පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.
එළඹෙන එංගලන්තය සමග එක්දින තරගාවලි සංචිතය සඳහා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නම් නොකිරිම සම්බන්ධයෙන් අදහස් දක්වීමන් හතුරුසිංහ මහතා මෙ බව පැහැදිලි කළේය.
එසේම ඇන්ජලෝ මැතිව්ස්ගේ කලව පිටුපස ආබාධය කලක පටන්ම පවතින බවත් මෙම ආබාධය හේතුවෙන් කඩුලු අතර දිවීමේදී ඔහු අපහසුතාවනට මුහුණ දෙන බවත් හතුරුසිංහ මහතා මෙහිදි වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
“විශේෂයෙන්ම තරගයදී පළමුව පන්දු රැකීමෙන් පස්සේ පන්දුවට පහර දෙන අවස්ථාවලදී මැතිව්ස්ගේ කඩුලු අතර දිවයාම ඉතාමත් මන්දගාමියි. ලකුණු එක ලබා නොගන්නවා විතරක් නෙමේ දෙවැනි ලකුණ කරා නොයන අවස්ථාත් තියෙනවා. ඒකෙන් වෙන්නේ අනෙක් පිතිකරුවාත් පීඩනයට පත්වෙන එකයි”
“අනෙක් කාරණය තමයි ඔහු දුවද්දී දැවීයාම් 64 කට සම්බන්ධ වෙලා තියෙනවා. ඒවායින් අවස්ථා 49 කදීම දැවී ගිහින් තියෙන්නේ අනෙක් පිතිකරුවා…ඒවා හදාගෙන නැවත නියමිත ශාරීරික යෝග්‍යතාවට ඇවිත් කණ්ඩායමට නැවත එන්න ඔහුට අවස්ථාව තියෙනවා”