FAST NEWS

24×7 Around the Globe

තේරිම් කමීටුව වහාම ඉවතට – ඇන්ජලෝ ඇතුළට, ඇමති ෆයිසර්ගෙන් විශේෂ ලිපියක්..

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමීටුව ඉවත් කරන ලෙසට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා වෙත ලිපියක් මාර්ගයෙන් දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි.
එසේම ශ්‍රී ලංකා හිටපු සිමීත පන්දුවාර නායක ඇන්ජලෝ මැතිව්ස්ව ලබන මස එංගලන්තය සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා වු ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කරන්නැයිද අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දී ඇති බවද පැවසේ.
අසියානු කුසලාන තරගාවලියේදි ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණ දීමට සිදුවු පරාජය හේතුවෙන් තේරිම් කමීටු උපදෙස් මත ඇන්ජලෝ මැතිව්ස් සිය නායකත්වයෙන් ඉල්ලා අස්විමට කටයුතු කළේය.
කෙසේ වෙතත් කණ්ඩායම් පුහුණූකරු වු චන්දික හතුරුසිංහටද අසියානු කුසලානයේ පරාජයේ වගකිමේ කොටසක් හිමී විය යුතු බවට අමාත්‍යවරයාගේ මතය වී ඇති බවද පැවසේ.
පසුව එංගලන්තය සමග ලබන මස පැවැත්විමට නියමීත එක්දින තරගාවලිය සඳහා වු ශ්‍රී ලංකා සංචිතයට තේරිම් කමීටුව විසින් ඇන්ජලෝ මැතිව්ස්ව නම් නොකිරිමට කටයුතු කර ඇති බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග මගින් ප්‍රවෘත්ති වාර්තා විය.
එසේම එම තරගාවලියට අදාළව අනුමැතිය සඳහා අමාත්‍යවරයා වෙත ඉදිරිපත්ව තිබු ශ්‍රී ලංකා සංචිතයට ඇන්ජලෝ මැතිව්ස්ව ඇතුළත්ව නොමැති බවටද තොරතුරු වාර්තා වුණී