FAST NEWS

24×7 Around the Globe

එක්සත් ජාතීන්ගේ සැසියේදී ඉරානය ට්‍රම්ප්ගේ විවේචනයට ලක්වෙයි..

එක්සත් ජාතීන්ගේ 73 වන මහ මණ්ඩල සැසිවාරය අමතමින් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය දැඩි දෝෂදර්ශනයට ලක්කර ඇත.
මැදපෙරදිග තුළ ව්‍යාකූලත්වයක් සහ විනාශයක් ඇති කිරීමට ඉරානය කටයුතු කරමින් ඇති බවට ඔහු චෝදනා නගන අතර ඇමරිකාවෙන් ආධාර ලබා ගන්නා රටවලට හදවතින්ම එම සහයෝගය ලබාදෙන බව ද ට්‍රම්ප් මෙහිදී ප්‍රකාශ කර ඇත.
ඇමරිකාවට ගරුත්වය දක්වන සහ මිතුරු රාජ්‍යයන්ට පමණක් අදාළ විදේශීය ආධාර ලබාදීමට පියවර ගන්නා බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් මෙහිදී වැඩිදුරටත් සදහන් කර ඇත.
එමෙන්ම අමෙරිකානු ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් ඉරානයට අනතුරු අගවමින් සදහන්කර ඇත්තේ අමෙරිකානුවන් හෝ අමෙරිකානු හිතවාදීන් හට හානි සිදු කිරීමෙන් වලකින ලෙසටයි.
එවැනි දේ සිදුකළහොත් ඒ සඳහා වන්දි ගෙවීමට සිදුවනු ඇති බව ජෝන් බෝල්ටන් පවසා ඇත.