FAST NEWS

24×7 Around the Globe

ක්‍රීඩකයෙකුට පිරිනමන ඉහළම සම්මානයෙන් විරාත් කෝලි පිදුම් ලබයි..

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් නායක විරාත් කෝලි ඉන්දීය රජය මගින් ක්‍රීඩකයෙකුට පිරිනමන ඉහළම සම්මානය වන රජීව් ගාන්ධි ඛීල් රත්නා සම්මානයෙන් අද පිදුම් ලැබීය.
ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාශ්ට්‍රපති භවන්හිදී අද (26) පැවැති උත්සවයේදී මෙම සම්මානය ප්‍රදානය කර ඇත.
මීට පෙර රජීව් ගාන්ධි ඛීල් රත්නා සම්මානයෙන් පිදුම් ලැබූ ක්‍රිකට් ක්‍රීඩකයින් වන්නේ සචින් තෙන්ඩුල්කාර් සහ මහේන්ද්‍ර සිං දෝනි පමණයි.
29 හැවිරිදි වියේ පසුවන විරාත් කෝලි මීට පෙර අර්ජුන සහ පද්ම ශ්‍රී සම්මානවලින් ද පිදුම් ලබා තිබේ.