FAST NEWS

24×7 Around the Globe

පිදුරංගල ගල මුදුනේ අඬ නිරුවත් වූ දෙදෙනෙක් හදුනාගනියි..

ඓතිහාසික සීගිරිය පිදුරංගල රජමහා විහාරස්ථානයට අයත් පිදුරංගල ගල මුදුනේ සිට අඬ නිරුවත පෙන්වූ බව කියන තරුණයන් දෙදෙනකු මේ වනවිට හඳුනාගෙන ඇතැයි සීගිරිය පොලීසිය සදහන් කරයි.
මුහුණු පොත හරහා එම ඡායාරූප මුදාහැර ඇත්තේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු සහ කුරුණෑගල ප්‍රදේශයේ තරුණයන් කිහිපදෙනෙකු බව මේ වන විට අනාවරණය වී තිබේ.
මොවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් මේ වන විට ගලේවෙලට යවා ඇත.
මෙම තරුණයන් දෙදෙනා අනාවරණය කරගැනීමට මුහුණු පොතේ කණ්ඩායම් සහ ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන මෙන්ම පෞද්ගලික පිරිස් ද පැමිණ සහයෝගය ලබාදුන් බව පොලීසිය කියයි.