FAST NEWS

24×7 Around the Globe

රත්මලාන ඇතුළු අභ්‍යන්තර ගුවන් තොටුපල 06ක් කඩිනමින් සංවර්ධනයට..

රත්මලාන, මඩකලපුව, පලාලි, සීගිරිය, කොක්ගල සහ දිගන යන ප‍්‍රදේශවල පිහිටි අභ්‍යන්තර ගුවන් තොටුපල 06 ක් කඩිනමින් සංවර්ධනය කිරීමට ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ අවධානය යොමුව ඇත.
රත්මලාන ගුවන් තොටුපල භූමියෙන් අක්කර 25 ක පමණ භූමි භාගයක් මේ වනවිට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සතුව ඇති බැවින් එය නැවත ලබාගැනීමට ද අමාත්‍යංශය තීරණය කර තිබෙන අතර පලාලි ගුවන් තොටුපල රජයේ මූල්‍ය ප‍්‍රතිපාදන මත සංවර්ධනය කිරීමට තීරණය කර ඇත.