FAST NEWS

24×7 Around the Globe

ඉන්ස්ටග‍්‍රෑම් නිර්මාතෘවරයා සහ සම නිපැවුම්කරු ආයතනය හැර යයි..

ඉන්ස්ටග‍්‍රෑම් නිර්මාතෘ හා ප‍්‍රධාන අධ්‍යක්ෂ ධුරය දරනු ලබන කෙවින් සිස්ට්‍රෝම් ප‍්‍රකාශයක් කරමින් සදහන්කර සිටින්නේ ඔහු සහ ඔහුගේ සම නිපැවුම්කරු වන මයික් ක‍්‍රීගර් ද ඉන්ස්ටග‍්‍රෑම් පාලනයෙන් ඉවත්වන බවයි.
2012 දී ෆේස් බුක් ආයතනය විසින් ඉන්ස්ටග‍්‍රෑම් මිලට ගත් පසු දිගින් දිගටම ආයතන දෙක අතර පැවති සබඳතා ක‍්‍රමයෙන් පිරිහී යෑම මෙයට මූලික හේතුව ලෙස ඔවුන් සදහන් කරයි.
කෙසේවෙතත් කෙවින් සිස්ට්‍රෝම් පවසා සිටින්නේ මින් ඉවත් වුවත් ලොවට වෙනස් දෙයක් කිරීම සඳහා ඔවුන් සූදානම් බවකි.
2012 දී ෆේස් බුක් ආයතනය විසින් ඉන්ස්ටග‍්‍රෑම් මිලට ගනු ලැබුවේ ඇමරිකන් ඩොලර් බිලියන 01 කටය.