FAST NEWS

24×7 Around the Globe

ලෝක සංචාරක දිනය දා සීගිරියේ සිට ඉර සේවය නැරඹීමට අවස්ථාව..

ලබන 27 වනදාට යෙදෙන ලෝක සංචාරක දිනය නිමිත්තෙන් අලුයම 5.00 සිට සීගිරි ගල මතට නැග ඉර සේවය නැරඹීමට අවස්ථාව උදා කරදීමට සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘති කාර්යාලය තීරණය කොට තිබේ.
මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කර නොමැති බව එහි නිළධාරීන් සදහන් කරන අතර මධ්‍යම සංස්කෘතික අරමුදලට මෙවැනි තීන්දු තීරණ ලබා ගැනීමේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය ලබාගත යුතු යැයිද එහි උසස් නිළධාරියෙකු සඳහන් කළේය.
27 වනදා අලුයම 5.00 ට සීගිරි පව්වට නැගීම සඳහා කිසිදු අවසරයක් ගෙන නොමැති නිසා පෙරවරු 7.00 වනතුරු විවෘත කිරීම ඇතුළු වීම සදහා අවසරයක් ලබාදීමට නොහැකි යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.