FAST NEWS

24×7 Around the Globe

ගනුදෙනුවකට අදාළව නරේන්ද්‍ර මෝදිට විපක්ෂයෙන් චෝදනා…

ප්‍රංශයෙන් රෆාල් ප්‍රහාරක ජෙට් යානා 36 ක් මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට විපක්ෂයෙන් චෝදනා එල්ල වී ඇති අතර විනිවිදභාවයකින් තොරව සිදුවූ මෙම ගනුදෙනුව හේතුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවට ඉන්දීය කොංග්‍රස් පක්ෂය බල කර සිටියි.
ප්‍රංශයේ හිටපු ජනාධිපති ෆ‍්‍රාංශුවා හොලාන්ඩ් සිදුකළ හෙළිදරව්වකින් අනතුරුව ඇමරිකානු ඩොලර් බිලියන 8.7 ක් වටිනා මෙම ගනුදෙනුවේදී දේශීය සහකරු තෝරා ගැනීමට ඉන්දීය රජය මැදිහත් වූ බවට චෝදනා එල්ල වෙයි.
සිද්ධිය හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් ප්‍රංශයේ හිටපු ජනාධිපතිවරයාට ස්තූතිය පළ කරන බව කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි කියා සිටි බව එරට මාධ්‍ය වාර්තා කරයි.