ශ්රී ලංකා පිතිකරු දිනේෂ් චන්දිමාල් සිය සිව්වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට මීට සුළු මොහොතකට පෙර සමත් විය. ඒ ශ්රී ලංකාව හා ඉන්දියාව අතර ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ශ්රී ලංකා දෙවැනි ඉනිමේදී ය.
චන්දිමාල් සිය ශතකය ලබා ගැනීම සඳහා වැය කලේ පන්දු සියයකි.
මේ වන විට ශ්රී ලංකාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුළු 6 ක් දැවී ලකුනු 266 ක් රැස් කරගෙන සිටියි. නොදැවී පන්දුවට පහර දෙන චන්දිමාල් ලකුනු 100 ක් හා ජෙහාන් මුබාරක් ලකුනු 24 ක් රැස් කරගෙන සිටියි.






